සද එළිය ඔබ 10- දසවැනි කොටස

 


පසුගිය කොටසින් 👇👇👇

“ තාත්ති පව් බං..මටත් දුක ඒ්කයි..අම්මි ලෙඩ වෙයිද දන්නේ නෑ මේ ප්‍රශ්න නිසා…“😢😢😢

“ සර්ට ඇත්ත කිව්වොත් මොකද ධනුවා…“

“ ඇත්ත කිව්වා නම් තාත්තා මට කරපු දේම අයියට කරයි බං..අනික අයියා ඒහෙම කටු කාපු මිනිහෙක් නෙමෙයි.. කවදාහරි අයියා තමයි මේ බිස්නස් බලන්න ඒ්නි..මොකද මං වෙනම මගේ දේවල් ටිකක් කරගෙන යනවා..ඒ් නැතත් මං තාත්තිගේ බිස්නස් වලට ඉන්වෝල් වෙන්නේ නෑ බං…අනික අයියා පව් බං..  මට බෑ බං පොර අසරණ වෙලා ඉන්නවා බලන්න…“

“අපි බලමුකෝ ධනුවා… කියලා සෙනුර ධනුජගේ උරිස්සට තට්ටු කලා…

ඒදා වුන හැමදේම විපුලි ගිහින් සහස්නට කිව්වා..කෙල්ලට හරිම දුකයි..මොකද ඒයාලා හැමෝම දන්නවා ධනුජ එහෙම දෙයක් කලේ නෑ කියලා..මේ අතරේ විපුලි පුලුවන් තරම් උත්සහ කලේ බිනුජව සම්බන්ධ කරගන්න…

“හෙලෝ පුතා මං විපුලි….බිනුජව කොන්ටැක් කරගන්න පුලුවන්ද?“

අද එතැන් සිට..

“හෙලෝ… බිනුජ නම් වැකේෂන් ඒකක ඉන්නේ තව සතියකින් තමයි මිස් බිනුජ ඒන්නේ… “

“එකත් එහෙමද හරි ආව ගමන් මැසේජ් ඒක දෙන්නකෝ පුතා…“

“හරි ආන්ටි…“

විපුලි කේන්තියෙන් ෆොන් ඒක මෙසේ උඩට විසිකලා..ඒ් සද්දේට සහස්නත් කාමරේ ඉදන් දුවගෙන ආවා..

“ඇයි ආන්ටි… “😢

“ගෙදර කෙනෙක් මැරුණත් ලොකු පුතාට එන්න වෙන්නේ තුන්මාසෙත් ගියාම…“

“කන්ටැක් කරගන්න බැරි වුනාද ආන්ටි…“

“නෙක්ස්ට් වීක්ලු පුතා ඒන්නේ.. පොඩි පුතා කොහේ ගියාද දන්නේ නෑ..ෆොන් ඒකත් ඔෆ්..“

“මාත් ගත්තා ආන්ටි වැඩ නෑ..“

රණගෙදර මහත්තයා උදේම නැගිටලා එලියට ගියා..ඒ් අතරේ ගයාන් ආවා දුවගෙන..මොකද ඊයේ රෑ මොනවා හරි වෙලා කියලා ගයාන්ට හිතුණා..‍

“ආන්ටි කෝ ධනුවා..“

“අනේ පුතාගේ ගෙදර නෙසෙයිද පුතේ ඉදියේ.. මං කෝල්ස් ගන්නවා පුතා ෆොන් ඔෆ කරලා…“

“මට කෝල් කලා ආන්ටි ..ආන්ටිලව බලාගන්න කිව්වා විතරයි..“

සේපාලි එහෙමම අඩාගෙන පුටුවේ ඉදගත්තා…සේපාලි අඩන ගමන් විස්තරේ ඔක්කොම කිව්වා… එත් ධනුවා කොහේද ගියේ කියලා තමයි ගයාන් කල්පනා කලේ… ඒ් ගමන්ම ගයාන් කොල් එකක් ගත්තා සහස්නට..

“ නංගි ධනුවා කෝල් කලාද?“

“අනේ නෑ අයියේ මාත් මේ ගන්නවා ඊයේ රෑ ඉදන්..තාමත් ෆොන් ඒක ඔෆ්…“‍

“මටත් තැනක් කිව්වේ නෑ  නංගි කොලඔින් පිටට යනවා කියලා කිව්වේ…“

“ බලන්නකෝ අයියේ මොකද කරන්නේ දැන්“‍

“මං තව හොයලා බලන්නම් නංගි ඉන්නකෝ…“

ටික වෙලාවක් යනකොට රණගෙදර මහත්තයා ගෙදර ආවා..ගෙදරට ගොඩවෙනකොට සේපාලිඅඩුගෙන ගිහින් කිව්වේ කොල්ලා හොයගන්න නෑ අපේ මහත්තයා කියලා… රණගෙදර මහත්තයගෙත් මූණ වෙනස් වුනා…

“මාව බයකරන්න හැංගිලා ඇති…“රණගෙදර මහත්තයා කෙන්තියෙන් වගේ කිව්වා..

“ යන තැනක් මට කිව්වෙත් නෑ අංකල්..“ ගයාන් කිව්වා…

“ඔය ලමයවත් දැනගෙන ඉදියේ නැද්ද මේ යකා කරන දේවල්.. “

“අනේ නෑ අංකල්..ධනුවා එහෙම නෑ..මෙතන මොකක් හරි වරදක් තියෙනවා..“

රණගෙදර මහත්තයා කෙලින්ම උඩට ගිහින් දඩාස් ගාලා දොර වහගත්තා…

සේපාලි තාමත් ඇඩු කදුලින්.. සේපාලිට දුකයි..ලොකු පුතා රට ගියා ගියාමයි..නිකමට කොල් එකක් නෑ… එහෙන් පොඩි පුතා හිරේ ගියා.. මේ නම් මේ ගෙදරට නරකම කාලයක් උදාවෙලා තියෙන්නේ කියලා සේපාලි හිතුවා..

මේ විදියට සතියක් ගෙවිලා ගියා…සේපාලි ගයාන් එක්ක ගිහින් ධනුජ හැම යාලුවෙක්ගේ ගෙදරකම බැලුවා..රණගෙදර මහත්තයත් මේ ටිකේම කල්පනා කලේ කොල්ලට මොකද වුනේ කියලා… 

ධනුජට දුකයි..අම්මි නැතුව හරිම පාලුවක් දැනුනා..මොකද මෙහෙම දෙයක් වෙලා ගෙදරින් පිට ඉන්න පලවෙනි වතාව…අනික තාත්තිට තමයි ධනුජ වැඩිපුරම ආදරේ.. ඉස්සර අයියා ගිහින් අම්මිට තුරුල් වෙනකොට ධනුජ තුරුල් වුනේ තාත්තිට..ඒ්වා මතක් වෙනකොට කොල්ලට ඇඩෙනවා..

සතියකුත් ගිහින් කොල්ල ගැන ආරංචියක් නැති නිසා සේපාලි සහස්නයි විපුලියි එක්ක බෝධිපුජාවකට යන්න ලැස්ති වුනා… සේපාලිට හරිම දුකයි… සහ්සනටත් එහෙමයි… බෝධි පුජාව තියලා ගෙට ඒනකොටම තමයි සේපාලිට බිනුජගෙන් කෝල් එකක් ආවේ..

“අම්මි මොකද කරන්නේ… මං ගන්න ඉදියේ මේ වැඩ එක්ක බැරි වුනා…සොරි…“

“සේපාලිට ඇඩුම් වාවගන්න බැරි වුනා…“

“ඇයි අම්මි මොකද වුනේ ඇයි?“

සේපාලි හැම විස්තරයක්ම බිනුජට කිව්වා… බිනුජට තරු විසික් වුනා…තමන් කරපු හැමදේටම මල්ලි වන්දි ගෙවලා කියලා බිනුජට ලොකු පිඩනයක් ඇති වුනා… 

“මං හෙටම ඒනවා අම්මි..මල්ලි හොයාගන්න .. මං ඒනවා..“

එත් එක්කම බිනුජ විපුලිට කොල් කලා… විපුලිත් මේ විස්තරේ කිව්වේ අඩ අඩා… බිනුජ හෙටම එන්න ලැස්ති වුනා…

බිනුජ හෙටම ඒනවා කියලා සේපාලි රණගෙදර මහත්තයට කිව්වා… ඒත් එක්කම වාගේ රණගෙදර මහත්තයගේ ෆොන් ඒකට කෝල් එකක් ආවා…අදුරන්නේ නැති නම්බර් එකක් නිසා රණගෙදර මහත්තයා ෆොන් ඒක ආන්සර් කලේ ටිකක් තිගැස්මකින්…

“හලෝ… සහන් රණගෙදර හියර්?

එහා පැත්තෙන් කිසිම සද්දයක් නෑ.. රණගෙදර මහත්තයා ආයේ ඇහුවා කාටද කතා කරන්න ඔ්නි කියලා…එත් කිසිම සද්දයක් නෑ…ඒකපාරටම කොල් ඒක කට් වුනා… 

රණගෙදර මහත්තයා එත් එක්කම ලොකු හුස්මක් අරන් ඇදේ ඉදගත්තා…

“කවුද මහත්තයා කතා කලේ.. “

ඒකපාරටම ඉකිබිදුම් සද්දයක් ඇහිලා සේපාලි හැරිලා බැලුවා..රණගෙදර මහත්තයා ප‌ොඩි එකෙක් වගේ හොදටම අඩනවා.. 

“අනේ රත්තරනේ ඇයි මේ? 

“කොල්ලා කතා කලේ මැණිකේ.. කවදාවත් මාත් එක්ක කතා නොකර ඉන්නේ නෑ..සතියක් ඉදලා බැරිම තැන ගන්න ඇත්තේ පව්.. “

“අපි පුතාට ඒන්න කියමු මහත්තයෝ…“

“එයා කරපු දේ වැරදියි මැණීකේ.. මට සමාව දෙන්න හිත හදාගන්න අමාරුයි…“

“මගේ පුතා කවදාවත් එහෙම කරන්නේ නෑ මහත්තයා.. මෙතන වෙන දෙයක් තියෙන්න පුලුවන්… “

“අපි බලමු හෙට ලොකු පුතා ආවාම.. “

සේපාලි පහලට ගියේ රණගෙදර මහත්තයා ලගට වෙලා ඉදලා… පහුවදා දවල් 2කට වගේ බිනුජට ඒන්න තිබුනේ..රණගෙදර මහත්තයා ඔ්.අයි.සි හමුවෙන්න ගිහින් ඒනකොට ගෙදර විපුලි ,සහස්නා, ගයාන් මේ හැමෝම ඉන්නවා..

“නංගිලත් ඇව්ල්ලා..“

“ලොකු පුතා එන්න කිව්වේ අයියේ…

ඊටත් පැය බාගෙකට පස්සේ බිනුජ ගෙදර ආවා..සේපාලි දුවලා ගිහින් කොල්ලව බදාගෙන ඇඩුවේ ධනුජ ගැන කියලා…

“පුතා ආවා විතරනේ වොෂ් එකක් දාගෙන ඒන්න..පස්සේ කතා කරමු “ රණගෙදර මහත්තයා පුටුවෙන් නැගිට්ටේ උඩට යන්න..

“තාත්ති මට පොඩ්ඩක් ඔයාලා හැමෝම එක්කම කතා කරන්න ඔ්නි…“

රණගෙදර මහත්තයා පුදුම වෙලා බලලා ආයේ ඉදගත්තා…

“තාත්ති ඇයි මල්ලිව ගෙදරින් යැව්වේ? 

“ මල්ලි කරලා තියෙන්නේ කටක් ඇරලා කියන්න පුලුවන් දේවල් නෙමෙයි.. සාක්ෂි ඇතුවම අහු වුනාම ? මං වෙන මොනවද කරන්න ඔ්නි…“

බිනුජ කෙලින්ම ගියේ රණගෙදර මහත්තයා ගාවට ගිහින් දණගහලා වැන්දා..

“මට සමාවෙන්න තාත්ති ඒ් වරද කලේ මල්ලි නෙමෙයි..මම මට සමාවෙන්න…“

රණගෙදර මහත්තයා පුදුම වෙලා බලා ඉන්නවා.. සේපාලිත් ඒහෙමයි..

“මටයි තාත්ති ඒ් ගර්ල් එක්ක ඒෆයාර් ඒකක් තිබුනේ..එත් ඒ් තිබුනේ මීට අවුරුදු 2කට කලින්…ඒ් ෆොටෝස් ඇත්ත..ඒත් ඒ් ගර්ල් මාව අතඇරලා වෙන කෙනෙක් එක්ක ගියා… ඒ් නිසයි මම ඒ් ඒෆයාර් ඒක නැවැත්තුවේ..ඒ ගර්ල් ඒ් බෝයි එක්ක එකතු වෙලා මාව බ්ලැක් මේල් කලා තාත්ති… මගේ ෆොටෝස් ෂෙයාර් කරනවා කියලා.. කොහොමත් ඒ්ක මර්ඩර් එකක්..මං ඔක්කොම සාක්ෂි දිලා කටඋත්තරයකුත් දිලා ආවේ.. ඒ් බෝයිව දැන් ඇරෙස්ට් කලා..එයා තමයි ඒ් ගර්ල්ව මරලා තියෙන්නේ..මාව අහුවෙන්නම… බිනුජට ඇඩෙනවා..“

රණගෙදර මහත්තයා ඔලුවේ අත ගහගත්තා…

සේපාලි ඒකපාරටම බිම වැටුනා..‍

‍සහස්නා ඒකපාරටම කෑ ගැහුවා..“ආන්ටි අනේ ආන්ට්…

විපුලි රණගෙදර මහත්තයි පැනලා සේපාලිව අල්ලගත්තා..ගයාන් වතුර කොප්පයක් අරන් ආවා…


ඉතිරිය 11 වැනි කොටසින් බලාපොරොත්තු වන්න...




Post a Comment (0)
Previous Post Next Post
//